7/18/2018

මේ ජීවිතය??????

දිය දෝතක්ව
මියයන හැටි
දින පැය තත්පරව
මේ ජීවිතය

ඔහෙ මෙහෙ වෙවී හිටියා
විතරමයි නේද
මේ ජීවිතය

වාරු ගන්නකොටම
නැඟිටින්න
ඉවරයි නේද 
මේ ජීවිතය

හැරිලා බලන්නත් ඉස්සරින් 
තියනවද කියා කළ දෙයක්
අපි අපිටම විතරක් 
අයිතියැයි සිතා 
නෑ නේද කිසිදෙයක් 
හැරුන කොට 
දුකම පපුව හිරි වට්ටන
කුමක්ද මේ ජීවිතය????????????

No comments:

Post a Comment