Hiru NEWS

5/16/2013

මතක අමතක නොවුන අතීතෙක....

සිනාසුන කථාකල
බොහෝ දෙන
මතකයට විත්
හක්කලං කරනකොට
ආයෙමත්
මතක අමතක නැති
අතීතෙට
හිත හොරෙන් දුවනවා
මල් පිපුණ
ලඳු දිගේ 
වැව් දියේ
පීනලා
වාං දමන
සන්තෝෂය
පෙන පොකුරේ හැංඟිලා
වැලපෙනා
හිතක
කඳුළු 
තදකරං දෑස් පෙතියට
මම හුඟක් කල්
බලාන ඉන්නවා
එනතුරු දවසක්
හයියෙන්
කෑ ගහලා
අඩන්න.........





5/13/2013

රස්සාවක්.....

සිප්සයුර මැද
අතරමංව
එහෙ මෙහෙ පෙරලී
වැදී ගල්කුළු වල
තැලී පොඩිවුන
සිත් ඇති අප
බලා හිඳිමු
සන්සුන්
සයුරක
පැද යන්න
ජීවිත
නෞකාව
ලබා නොව 
පදක්කම්
කුසලාන
බඩ වියත රැකගන්න
අම්මට අප්පට කන්න දෙන්න නොව
යාන්තං බරක් නොවෙන්න
අපට හෙටක් නොව
අද නොමැරී පණ ගැටගහගන්න
රස්සාවක්.....
හරි හමන් රස්සාවක්....



5/06/2013

මායාවී...


නෙත් සරින්
නුරා
සුරා දී
මා
මත්කළ
මායාවී
සිටිනු
තී
නොයා
ඈත
මා දමා රැයට.

නොයන් ඉඟිලී හසඟනී...


ඉඟිල විත් ඔය රණ හංස යුවලම
පිහිනුවා නෙත් කවුළුවෙන් මවෙතට
කැළඹුවා හද විලම ගැඹුරින්.
අල්වමි අද අල්වමි
නොයන් ඉඟිලී හසඟනී...

මත් කරයි මා නෙතු මුලාවේ...


සුමුදු ඔය සුදු හසුන් ලැමැදේ
බරින් වැතිරී සුවට නින්දේ
දවයි මා මුළු හද නුරාවේ
මත් කරයි මා නෙතු මුලාවේ

5/01/2013

ලොක්කා සහ සොක්කා...

ලොක්කා සොක්කාට 
ගෙම්පර් දමද්දී
සොක්කා
නැට්ට අස්සේ ගහගෙන
yes sir.....yes....
ලොක්කා ලොක්කාට කැමති විදියටය
අපිද ලොක්කාට කැමති විදියටය...

4/30/2013

නිල්ම නිල් පාට රතු මැයි දිනයක්....

කත් අදින,
වැඳ වැටෙන,
2 යි 50 හේ පාක්කුඩම් පිළිගන්න,
යෝධයාගේ(දුටුගැමුණුගේ)
නම කිව්වත්
යට ඇඳුම තෙමාගන්න,
සටන් බිම පහරන,
කපටි හොර තක්කඩි,
කම්කරුවෝ...
සමරන,
නිල්ම නිල් පාට 
රතු මැයි දිනයක්....
තව එක ආතල් දවසක්.


4/24/2013

රෑ මනමාලී....

වත්සුණු දියකොට 
රෑ තුන්යමම
නැඟුනාය ඈ 
පොඩිවූ යහනට වාරුදී
බිමට හැරුණ 
අඩවන් රත් දෙනෙත්
හැඬුම් නැතද
නඟයි හදට වේදනා
දුටු පළමු වනම

ප්‍රාර්ථනාද දියකොට ඇත ඇය 
නොදන්වාම සීතලට
ආදරය අවසන්ද?
වේදනාවෙහි පළිගැනීම කොතරම්ද?
පෙනෙනවා ඔය වත කමලින්ම

රැයට පමණක් නොවී
හැමදාටම
මනමාලියව
මා දෑත් ගෙන ඉන්න
කීමට සිත මුමුණන හඬ ඇසී
ඇගේ එක අතක් මා
සොයා පැමිණීයෙහිය.
සිතූ සිතුම් මටම තබා
තේරුමක් නැතිව‍ සිනාසී
මිට මෙලවූයෙමි ඈ අත
ගෙනා තුටු පඬුරු කාසි කොළ...

4/18/2013

සඳවතම සිහිනයකි...

මනලෝල කථාවෙක
සිත රැන්දු නිමේෂෙක,
මුනිවතද මුලාවකි
සඳවතම සිහිනයකි
ගිලී ඒ සඳ දියේ
මියෙන තුරු සිටින්නෙමි
සියොළඟම පිපීගත් 
සියල් මල් සිඹින්නෙමි.....