අපි දැනගෙන ඉන්න විදියටම ඉතාමත්ම ඉක්මනින් අපේ
ලෝකෙ අනපේක්ෂිත අවසානයකට ලඟාවෙනවා.
එහි විශේෂත්වය වෙන්නේ බැලුවොතින් ඒ හැම ඛේදවාචකයක්ම
ඔබ දැකගනිමින් ඉන්නේ, එක නිදසුනක් කිව්වොතින් ගෝලීය උණසුම. අපට කතා කරන්න පුළුවන්
ඔබ අහලා තියන විදියට ආහාර කර්මාන්තය ගැන.
අපට කථාකරන්න පුළුවන් දේශපාලන කැළඹීම ගැන, සෞඛ්‍ය
අර්බුදය ගැන ආදී වශයෙන්. ඔව් සියල්ලම එහෙම තමයි කියලා ඔබ කියාවි. බොහෝදේවල්
සිදුවෙන්නේ එකපාරට වගේ. ඒකට කියන වචනේ ස්වයංජාත පරිණාමය වගේ වචනයක්. හැමදෙයක්ම
ලෝකෙ යන විදිය උඩු යටිකුරු වෙලා තියෙන්නේ. ඒක පුපුරන්න ළඟයි වගේ උනන්දුව
ඇතිකරන්නක් අස්ථිරත්වනේ ගතවෙන මොහොතවල්.
ඇයි ඔබට මේ දේවල් වැදගත් වෙන්නේ, X, Y, Z ලෙස පරමපරා තියනවා. මම හිතන විදියට අපි අයත්
වෙන්නේ අක්ෂරමාලා පරමපරාවට. මේ අක්ෂරමාලා පරම්පරාව ගැන කථා කලොත් එහෙම එම පරම්පරාව
සහ කළින් පරම්පරාවත් අතර බෙදීමක් තියනවා.
මුල් පරම්පරාවේ අය හිතුවේ, “මට වඩා හොඳින් දේවල් කරකියා ගෙන මගේ දරුවෝ ඉන්න
ඕනේ, අපි අපේ දරුවන්ට ලෝකයක් හදන්න ඕනේ”
ඉතින් දෙමව්පියන්ටයි පුංචි දරුවෙකුටයි BMW
පහකුයි මහා මන්දිරයකුයි අයිතිව තියනවනම්, ඒ දරුවා
ලොකු මහත් වෙලා දෙමව්පියන්ට වඩා හොඳින් ඉන්න ඕනේ කියන්නේ කොහොමද?
ඉතින් එහි ඉතා සිත්ගන්නා දේ තමයි ඔවුන් ඔබව
අනාගතේ අපේක්ෂා කරන තැනට ඇවිල්ලා කියන එක.
“මම කොහොමද මේක කරගෙන යන්නේ? මට ගෙවල් කුළියවත්
ගෙවාගන්න විදියක් නැහැ, කන්නෙත් බොහොම අමාරුවෙන් ඉතින් හැමෝම කියන විදියට ළමයි
කොහොමද දෙමව්පියන්ට වඩා හොඳ තැනකට යන්නේ?”
මේ මොහොතක සත්‍යය. මේක එකවිට සිදුවූ සිදුවීම්
දෙකක්ම විතරක් නොවෙයි. මේක පරිණාමීය කැළඹීමේ කොටසක්. ඇත්ත වශයෙන්ම එහි ඔබේ භූමිකාව
කුමක්දැයි හිතුවොතින් එය නිර්මිතයෙන් වියුක්තය. මුළුමනින්ම නිර්මිතයෙන් කොටසක්
නොවීමටයි.
හැමෝම මේ ව්‍යූහය එහෙම නැත්නම් නිර්මිතයම අල්ලන්
ඉන්න විට ඔබට බැහැ මේක අත්හැර දමන්න. හැමෝම කියනවනම් මේක තමයි අපට උවමනා මේ විදිය
තමයි අපට ඕනේ කියලා, මේ නිර්මිතය මේ ව්‍යූහය වෙනස් කරන්න බැහැ.
නමුත් දැන් ජනගහනයෙන් 50% ක විතර කොටසක් ඔබත්
ඇතුලුව මේ ක්‍රමයේ ව්‍යුහයේ කොටසක් නොවෙනවා මෙන්ම අපිට ඇත්තටම කියන්න පුළුවන් වෙලා
තියනවා “කවුද සලකන්නේ?”
ඕවා කියන්න.
කවුද දන්නේ මේ මිනිස්සු කොටස් වෙළද පොළේ මහ
බැංකුවේ මොනවද කරන්නේ කියලා. ඇයි මෙහෙම කියන්නේ ඔබ ඒවායේ කොටසක් නොවෙන නිසා.
ඇත්තටම ඒක හොඳ හේතුවකුත් වෙනවා මේකෙන් අයින් වෙන්න. මක්නිසාද යත් ඔබට කිසිම ප්‍රයෝජනයක්
නැහැ මේක අල්ලන් හිටියා කියලා. ඒක නිසා කිසියම් වෙනස් වීමක් සිදුවන්නට පටන් ගත
හොත් එම වෙනස් වීම ඉතා ඉක්මනින් සිදුවෙනවා මොකද ජනගහනයෙන් විශාල කොටසක් දැන්
වෙද්දි මේක පවත්වාගෙන යන්න කිසිදු ආයෝජනයක් නොකරන නිසාවෙන්.
කිසියම් කැළඹීමක් ඇතිවූ විට එය ඔබ සමඟ අතිනත
ගන්නවා. ඒක ඔබේ සිතුම් අලුත් මානයකට රැගෙන යනවා. එයින් ජීවිතය ගැන වෙනස් විදියකට
දකින්න ඔබව පොළඹවනවා. මේ මොහොතෙදී තාක්ෂණය පවතින්නෙවත් නැහැ.
2005 දී 60% කට ආසන්න ප්‍රමාණයකට අධ්‍යාපනය
නිමාවෙන් පසුව රැකියා අවස්ථා තිබුණි. නමුත් දැන් වෙද්දි එය 20% දක්වා පහළ තත්වයකට
පත්වී ඇත. එයට අදාලවනම් අනාගතයේ දී මෙය තව තවත් පහළ අගයක් ගනු ඇත. නමුත් අනාගතයේ
දී තවත් අලුත් දේ ඇතිවන අතර ඒවා අද දවසේ දකින්නට හෝ නොමැත. බොහෝ නව රැකියා, නව
කර්මාන්ත, සහ නව තාක්ෂණයන් සෑමදිනකදීම ඇතිවනු ඇත. එබැවන් මගේ තර්කය වන්නේ සරලවම ඔබ
සිටින්නේ මහත් කළබැගෑනියක බවයි. ඔබට හිතෙයි මේ මොහොතෙන් ඈත්වෙන්න. ඒක කිසිම
උදව්වක් නැතිකමක්. ඔව් ඒක එහෙමයි. යථාර්තය නම් ඒ දේවල් වලට අයත් හරිම තැන්වල ඒ
දේවල් තියනවා. ඔබ දැන් හරියටම ඉන්නේ ඊළග පරිණාමීය පිම්ම පැනීමට සුදුසු ස්ථානයේය. මම පැහැදිලි කරන්නම් ඇයි අප අවසානයට පැමිණඇතැයි
කියන්නේ කියා.
ඇත්තටම එය තේරුම් ගතයුතු හේතුවක්.
ඒක ඇත්තෙන්ම මායාකාරී හෝ පාරභෞතික හෝ ගූඪ දෙයක්
නොවේ.
මෙය තේරුම් ගැනීමේ පදනමම එය වේ.
ශිෂ්ඨාචාරයන්ටද, මිනිසුන්ට මෙන්ම ජීවන චක්‍රයක්
ඇත. හරියට හැමදෙයක් ම මෙන් ආයතනයක් මෙන් වර්ධනයක් ඇත.
එය පරිණාමනය වේ. වර්ධනය වේ. පරිණතව අවසානයේ නැතිව
යයි.
ඉතින් අප ශිෂ්ඨාචාරය ගැන හෝ තනි තනි පුද්ගලයා
වශයෙන් හෝ කීමට ඇත්තේ අප සංවර්ධනය වන කාලයක් තියනවා ඒවගේම නැග්මක් සහ අවසානයේ
බැස්මක් තිබෙනවා.
ඇත්තටම මෙය කුමක් සමඟද එක්ව යන්නේ?
ළමයකුගේ හෝ ශිෂ්ඨාචාරයක හෝ පළමු පියවර වන්නේ
සංවර්ධනයේ පියවරයි. එය පරීක්ෂණාත්මකයි.
එයයි කුඩා දරුවන් කරන්නේ.
ඔවුන් ඉවතට ගොස් ඇති සියලුම විවිධ දෑ උත්සහා කොට බලනවා.
ඉතින් ශිෂ්ඨාචාරයක් සැලකුවොතින්, තරුණයකු දැන්
කරමින් සිටින්නේ දේවල් අත්හදා බැලීම නොවේනම් අලුත් දෙයක් සඳහා උත්සාහ කිරීම.
ඇයි?
මොකද පවතින දේ හොඳින් වැඩ නොකරන බැවින්.
එබැවින් ඔබද අලුත් දේ අත්හදා බලනු ඇත.
ඔබ ජීවිතයේ යමක් ස්ථාපනය කොට ගෙන පවත්වාගෙන යනවිට
අවාසනාවට එම අදහස් ඉතා දෘඩ බවට පත්වනු ඇත. හරියට ඔබ වැඩෙන විට ඔබගේ දෙමව්පියන්
මෙන්. ඔවුන්ද හරියට දරුවන් මෙන් දඩබ්බරව ක්‍රියා කරන අතර ඔවුන් දෙමාපිය අවදියට පැමිණ ඇත. ඒ කුමක්දැයි අනුමාන
කරන්න.
ඔවුන් ඉතා නරක විදියට දරදඬු වන අතර ඔවුනගේ බාහිර
ස්වරූපය මෙන්ම හැමදෙයක්ම “මේක තමයි ජීවිතය ඉතින්”
කියන්නට සාක්ෂි දරනවා.
ඔවුන් එය තදින් විශ්වාස කරන අතරම, ඔබේ
පරීක්ෂණාත්මක අවධියේදී ඔවුන් ඔවුන්ගේ විස්වාශය ඔබමත තහවුරු කිරීමට උත්සාහ කරනවා.
ඉතින් මේකයි අදහස, ශිෂ්ඨාචාරයද අපේ දෙමව්පියන්
වගේමයි, වර්ධනය වී දරදඬු වෙනවා.
නමුත් ඔබ දෘඩ වෙන්න පටන් ගන්නවිට ලෝකය වෙනස්
වෙමින් යනවා, මේ විශ්වයේ කිසිවක් එකම විදියට පවතින්නේ නෑ.
කවුරුත් දන්නා එකම සත්‍යය වන්නේ නිරන්තරයෙන්
වෙනස්වන බවයි.
ඉතින් මූලිකව කියන්න තියෙන්නේ මේකයි,
ඔබ දෘඩ අදහසක් අල්වා ගත හොත් කොහොමද ඔබ අනාගතයේ
ජීවත් වන්න පුළුවන් වෙන්නේ?
දෘඩ අදහස සාමාන්‍යයෙන් අභියෝග ඇතිකරනවා. මේ අභියෝග
ඇති වන්නේම මේ දෘඩ විශ්වාසයන්ගෙන්මයි.
ඉතින් අපට කරන්නට තිබෙන්නේ කුමක්ද? එයමයි
මිනිසුන් මේ සිස්ටම් එකෙන් ඉවතට ඇදීමට හේතු වන්නේ. ඔවුන් මේ සිස්ටම් එකෙන් ඉවතට
ඇදෙන්න පටන් ගන්නවත් එක්කම මේ සමස්ථ පද්ධතියම වැටෙන්න පටන් ගන්නවා. එහෙම වැටෙන්න
පටන් ගත්තට පස්සේ පරණ විශ්වාසයන් ඉවත් වී යනවා.
නමුත් කුමක් වෙයි කියලද හිතන්නේ? පරණ දේ ඉවත් වී
ගියාට පස්සේ යමක් සිදුවෙමින් තියනවා. ඇත්තටම අලුත් දෙයක් පටන් ගන්නවා. ඉතින් අද
අපි ඉන්නේ කොහෙද?
අපි මේ දැන් ඉන්නේ, ශිෂ්ඨාචාරයේ කොටසක් වන ඔබත්
සමඟ ඉහලට යන ශිෂ්ඨාචාරය ගැටෙන මොහොතක.
මේ දේ බටහිර ඉතිහාසයේ දිගින් දිගටම සිද්ධ වෙලා
තියනවා. ඒ වගේම එය නැවත නැවත සිද්ධ වෙනවා.
මම නැවත බටහිර ඉතිහාසය පුරා ගියෝතින්, මට කියන්න
පුළුවන් මිනිස්සු සත්තු වගේ ගත කළ අවධියක් ගැන.
හරියට මුල් ඇමරිකානුවන් වගේ, යුරෝපයේනම් ඩෘයිඩයෝ,
ඕස්ට්‍රේලියාවේ ඇබෝර්ජින් වරු, දකුණූ ඇමෙරිකාවේ ඉන්දියන් වරු, ශ්‍රී ලංකාවේ නම්
වැදි ජනයා වගේ.
සවවාදීන්.
ඊට පසුව ඒ විදියේ ජීවිතය බහුදේවවාදයට හැරුනා.
ඒ බහු දේවවාදයේ දේවල් තමයි ඊජිප්තියානු, රෝම, ග්‍රීක
ඉතිහාසයේ තිබෙන්නේ.
ඔව් නමුත් රෝමානු අධිරාජයත් වැටුනා.
රෝමානු අධිරාජ්‍යය බිඳ වැටෙන්නේ ඒ තුලට ඒක
දේවවාදය එනම් නව ඇදහීම් ක්‍රමයක් නව සංස්කෘතියක් පැමිණීමත් සමඟයි.
බහූදේවවාදයේ විශ්වාසයන් සියල්ල ක්‍රිස්තියානු ඒක
දේවවාදය විසින් ලබාගත් අතර ඒකදේව වාදය බිඳවැටීමට පටන් ගත්තා.
එම බිඳවැටීම පටන්ගන්නවාත් සමඟ විද්‍යාත්මක භෞතික
වාදය පටන් ගන්නවා.
දැනට අපි සිටින්නේ මෙම විද්‍යාත්මක භෞතික වාදය
තුල වන අතර එයද ක්‍රමයෙන් පිරිහෙමින් අවනතව ගමන් කරමින් සිටින අතර නව දෙයක්
බිහිවීමට නියමිතය.
ඔබ කියයි එහෙනම් මොකක්ද මේකෙ රිද්මය කියලා.
මොනවද ඒකෙන් කියවෙන්නේ?
ඇයි රිද්මයක්?
“ඒක නම් නියම ප්‍රශ්ණයක්”
මොකද ඒකටම ගැලපෙන නියම පිළිතුර තියනවා.
සියලුම ශිෂ්ඨාචාරයන් හෝ සංස්කෘතීන් පදනම් වෙන්නේ
ඇදහීම් සමුදායක් එක්ක.
ශිෂ්ඨාචාරයේ එහෙම නැතිනම් මනුෂ්‍යත්වයේ අරුණෝදයත්
සමඟම මිනිසුන්ට නිතර හිතෙන්න ගත්තා මේ ඔබ ජීවත්වන ලෝකයේ ප්‍රධාන කොටස් දෙකක්
තිබෙනවාය කියා.
අපට දැන් මෙතන පෙනෙන භෞතික ලෝකය සහ ඒ පෙනෙන ලෝකය
මත තද බලපෑමක් කළ හැකි නොපෙනෙන ලෝකය.
අප මුල් අවදියේ මිනිසුන් විදියට හිතුවා ඒ විදියේ
ක්ෂේත්‍රයන් දෙකක් ගැන - එකක් ඔබට පෙනෙන ස්පර්ශ කල හැකි විෂය ක්ෂේත්‍රය සහ අනෙක
නොපෙනෙන විෂය ක්ෂේත්‍රය.
ඉතින් ඉතිහාසය පුරාවටම ඔබට දකින්නට පුළුවන් වෙලා
තියෙන්නේ අපි වඩාත් වැඩියෙන් පෙනෙන දැනෙන දේ විශ්වාස කලාද ඇදහුවාද නැත්නම් අපට
නොපෙනෙන දේ ඇදහුවාද කියන එකයි. ඇත්තටම මේකයි සිද්ධ වෙමින් තියෙන්නෙත්.
ඇයි අපිට මේක අදාල වෙන්නේ? එහෙම වෙන හේතුව තමයි
අපි ඉන්නේ වෙනස් වෙමින් යන ක්‍රියාවලියක වීම.
මම ඔබට කිව්වොතින් “මට ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ කියලා හරියට ඒක ක්‍රමයෙන්
පාට වෙනස් වෙමින් යන ප්‍රස්ථාරයක් නම්, ඒක බොහෝ කහ පැහැයට හුරු නම් එහි තේරුම ඔබ
බොහෝ දුරට ප්‍රාථමික ආත්ම විශ්වාස කරනවා කියන එකයි”
මම කිව්වොතින් ඔබ ඈත අතීතයේ දවස් වල ජීවත් වනවා
කියා, ඔබෙන් සමහර දෙනෙක් කියයි, නෑ මක්නිසාද යත් තාත්වික ලෝකය කියන්නේ ඇත්තටම
මොකක්ද තාත්වික කියලා බලන එකයි. ඒක තුල ඔබ ජීවත් වන එකයි.
ඒ වගේම තවත් කණ්ඩායමක් කියාවි, මිනිහෝ තාත්වික
ලෝකය තමයි උඹේ ඔය මූණ ඉස්සරහ තියෙන්නේ තව මොනවා අහනවද? උඹට ඇත්තටම නොපෙනෙන කොහේ
හරි තියන දේක මොන වැදගම්මක්ද තියෙන්නේ කියලා.
ඒකම නේද යුදෙව් වාදයේ නැත්නම් ඒකදේව වාදයේ
කතාන්දරය වෙන්නෙත්.
පල්ලියේ අදහස වෙන්නේ මේ පෘථිවිය නැත්නම් ලෝකය
කියන්නේ නීච කිසි වැදගැම්මකට නැති එකක්ය,
භෞතික ලෝකය කියන්නේ පෙළඹුමක් පමණි යන්නයි.
ඉතින් මෙහි තිබුන ශ්‍රිතය, ක්‍රියාත්මක දේ
කුමක්ද?
මේ ලෝකේ ජීවත් වන්නට නම් කුසලාකුසල විශ්වාස කරගෙන
සදාචාරාත්මකව හැසිරෙන්න ඕනේ. එතකොට තමයි ඔබ උසස් තැනකට යන්න පුළුවන් වෙන්නේ.
කොහෙටද?
මෙහේ නෙවෙයි J
ඉතින් ඒක තමයි සම්පූර්ණ පරමාර්ථය වුනේ.
ඉතින් ප්‍රශ්ණය මේකයි: ඔබ මෙච්චර ප්‍රබලව තියන
අධ්‍යාත්මික විෂය පථය විශ්වාස කරනවද?
මම හැදුවා පාට අනුක්‍රමයක් කිසිම පාටක් නැති
නොවෙන්න. සම්පූර්ණයෙන්ම කහපාට කියන්නේ සියයට සියයේ ප්‍රතිශතය.
මම මෙහෙම කිව්වොත් මේ පාට අනුක්‍රමවල වෙනස් වීම
ගැන, පවතින මූලික යථාර්තය වෙන්නේ මේ භෞතික ලෝකයයි කියන එක? මම කියන්නේ තවත් අනුක්‍රමයක්
ගැන. හැබයි ඒක ආපස්සට ගමන් කරන අනුක්‍රමයක් වනවා.
ඔබ භෞතික ලෝකය විශ්වාස නොකරනවා නම් ඔබ මෙහි ඉහල
සිටින අතර ඔබ භෞතික ලෝකය තමයි මූලික ම වෙන්නේ කියලා විශ්වාස කරනවානම් ඔබ ඉන්නේ මේ
අනුක්‍රමයේ පහල.
දැන් ඔබ දැක්කා අනුක්‍රම දෙකම, මම දැන් යන්නේ මේ
දෙකම එකට සම්බන්ධ කරන්නටයි. එතකොට ඒක දැක්වෙන්නේ මේ විදියටයි. ඔබ අනුක්‍රමයේ
ඉහලින් ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ විශ්වාස කරන්නේ වඩා වැදගත් වෙන්නේ භෞතික යථාර්තයට
වඩා අධ්‍යාත්මික යථාර්තයයි කියන එක. එවිට ඔබ ඉන්නේ ලකුනු 50 න් 50ම අරගෙන. ඔබ හිතනවානම්
අධ්‍යාත්මික යථාර්තය කියා දෙයක්වත් නැතැයි ඔබ මෙම අනුක්‍රමයේ පහලයි සිටින්නේ.
ඒ විදියට තමයි අනුක්‍රමයේ ඔබ සිටින තැන තීරණය
වන්නේ.
මේකයි මෙහි තිබෙන ලස්සනම දේ, ඔබ ප්‍රස්ථාරයේ
කොතනකද ඉන්නේ කියන එක මත තමයි සියල්ලම තීරණය වන්නේ, දැන් සිදුවන සියල්ලේ යථාර්තය
මේ අනුව පැහැදිලි කළ හැකියි.
සදාකාලික එහෙම නැත්නම් හැමදාටම තියෙන ප්‍රශ්ණ
කියලා ජාතියක් තියනවා.
මේ මූලික ප්‍රශ්ණ තුන සහ සදාකාලික ප්‍රශ්ණ
අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසුන් අසමින් ඉන්නවා.
මේ ප්‍රශ්ණ තුන තමයි මිනිස්සු හැමදාටම අහන ප්‍රශ්ණ
තුන.
1)
අපි කොහොමද මෙහෙට ආවේ?
2)
ඇයි අපි මෙහේ ඉන්නේ?
3)
අපි හොඳම දේ හදාගන්නේ කොහොමද?
ඔබ හිතනවා ඇති මම කියන්න යන දේත් එක්ක මේවා
කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා?
මේක එක කාරණාවක්!
ශිෂ්ඨාචාරයක් සමහර මූලාශ්‍ර වලින් මේ ප්‍රශ්ණ වලට
පිළිතුරු හොයනවා.
එක දෙයක්, එක සංවිධානයක් මේවාට පිළිතුරු සපයන කොට
ඔබ හෝ ඔබලාගෙන් කණ්ඩායමක් හෝ එකතු වී කියනවා, “ෂා
ඒක නම් නියම විදියක් ඒක තමයි වෙන්න ඕනේ, ඒ
විදියටම තමයි වෙනවා ඇත්තේ අපි ඒක තමයි විශ්වාස කරන්නේ, ඒක ඇත්තටම ගොඩක් හොඳ එකක්
කියලා.”
ඔබ පිළිතුරු බාරගත් විට මේකයි සිත්ගන්නා කොටස.
ඔබ පිළිතුරු බාරගත් විට යම් දෙයකින් හෝ යම්
සංවිධානයකින් දෙනු ලබන, ඔවුන් පිළිතුරු සැපයූවා සහ ඔබ එය පිළිගත්තා වනවා.
මේකයි ඒකේ විනෝදජනක පැත්ත.
ඔබ ඔවුන්ව ඔබට සහ ඔබේ ශිෂ්ඨාචාරයට සහ සංස්කෘතියට
සත්‍ය සපයන්නන් කරනවා.
කවුරුවුනත් මේ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙන්නෝ
ඔවුන් ඔබේ සත්‍යයේ මූලාශ්‍රය වෙනවා.
ඉතින් ඔබට කිසියම් දෙයක් සොයාගන්නට වුවමනා වූ විට
“මට කවුද පිළිතුරු ලබාදුන්නේ? ඔවුන්ගෙන් මට මේ
දේවලුත් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මම නැවත ඔවුන් කරා මම ආපසු යායුතුයි”
ඉතින් මේවිදියට අපට පිළිතුරු ලබාදෙන කණ්ඩායම ආයතනය
එහෙම නැත්නම් සංවිධානය තමයි ඒ සමාජයේ සත්‍ය සපයන්නන් ලෙස පිළිගැනෙන්නේ.
ඔවුන් අපට මූලික නිදර්ශන සමඟ ශිෂ්ඨාචාරයේ මූලික
අදහස් සපයනවා.
මේක මේ ශිෂ්ඨාචාරය සංස්කෘතිය ක්‍රියාත්මක කිරීමට
අවශ්‍ය මූලික අදහස් කොහෙන්ද ලැබුනේ?
පිළිතුරු මේ ප්‍රශ්ණවලටයි.
ඉතින් මම කියන්නම් මේ දේවල් මොනවද නියෝජනය කරන්නේ
කියලා.
අපි බලමු මේ දිහා කාලය හරහා අපි කොහොමද වෙනස් වෙලා
තියෙන්නේ සහ අපි දැන් වෙද්දි මේ සිතියමේ කොහෙද ඉන්නේ කියලා.
ඉතින් මම අවුරුදු 10000 ක් ආපස්සට යනවා. එවිට මට
පෙනෙනවා අපි සිතියමේ මැද හරියේ ඉන්න බව.
මේකාලේ
තමයි සජීවි අජීවි සියල්ලටම පණ ඇතැයි සලකපු අවධිය. අපි කියමු ආදීවාසී යුගය කියලා.
ඔවුන්
ට අදාල උනේ මොනවාද? ඔවුන් හිතුවා ජීවී අජීවී හැම දේකටම සමාන වටිනාකමක් තිබෙන බව.
ඔවුන් හිතුවා අධ්‍යාත්මික ලෝකයයි භෞතික ලෝකයයි දෙකම එකම දෙයක් හා එකටම පවතින දෙයක්
හැටියට. ඒක ඔවුන්ට පැටලිලා වෙනස් කරගන්න බැරි විදියටයි තිබුනේ.
ඔබට
මුවෙක් දඩයම් කරගන්න ඕනෙද?
ඔබ
මුවාගේ ආත්මෙට යාඤ්ඤා කරන එක හොඳයි, මොකද මුවා වගේම මුවාගේ ආත්මෙ ලබාගන්න එකත්
සමාන වටිනාකමක් තියෙන දෙයක් නිසා.
ඉතින්
එහෙමයි, හැම දෙයකටම ආත්මයක් තිබෙනවා කියායි රතුඉන්දියානුවන් හිතුවේ.
වැහි
බිංදුවලට ආත්මයක් තිබුනා, ගල්වලට ආත්මයක් තිබුනා, සත්තුන්ට, මිනිස්සුන්ට ආත්ම
තිබුනා.
තවමත්
ඔබට පුළුවන් වෙලා නැහැ අපේ ආත්මය ද්‍රව්‍ය වලින් වෙනස් කොට ගන්න. ඉතින් ඒක ආත්මය
මූලික වනවා වගේ වැඩක් නෙවේ.
ද්‍රව්‍ය
සහ ආත්මය කවදාවත් එක වුනේවත් සමානදෙයක් වුනේවත් නැහැ.
ඒ
දේ තුල්‍ය වුනා.
ඔබ
කිව්වා ආදී මිනිසුන්ගේ පිළිතුරු කොයිවගේද වුනේ කියලා, ද්‍රව්‍ය හා ආත්මය සුසංයෝගීව
පවතින කාලයේදී. ඔවුන් කොහොමද ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නේ?
අපි
කොහොමද මෙහාට ආවේ?
පෘථිවිය
අම්මා. අහස තාත්තා.
ඒක
නිකම් මිත්‍යාමතිකයි වගේ හැබැයි දැනටමත් බයිබලයේ කිවෙන්නේත් ඒ දේමයි.
නෑ.
ඒක එහෙම නෙවෙයි.
ඒක
ඇත්ත වශයෙන්ම සත්‍ය දෙයක්, මම ඇයි කියන්නම්.
ඔබ
හැදිලා තියෙන්නේ කාබනික රසායනයෙන්, ඒකෙන් තමයි අපි පෘථිවයේ තියන පස් හා දූවිලි
වලින් වෙනස් වෙලා තියෙන්නේ ඒ වගේම අනෙක් සියලු දේවල් අකාබනක රසායනයෙන් තමයි හැදිලා
තියෙන්නේ?
ඔබ
හිතන්නනේ මොකක්ද මේ කාබනික රසායනය කියලද?
ඒක
මෙහෙම ගන්නකෝ. පස්, ඛණිජ ලවන, පොළව වගේ දේවල් අකාබනික රසායනය හා ඉරඑළියත් එක්ක
එකතු වීම මඟින් තමයි කාබනික රසායනය හැදෙන්නේ.
ඔයාලගේ
ශරීර හැදිලා තියෙන්නේ පොළවෙන් ලැබුනු අණු මිශ්‍රණයකින් සහ සූර්යයාගෙන් ලැබුන
ශක්තියෙන්.
එහෙමයි
පෘථිවි ධාතු ප්‍රබෝධමත් වන්නේ. ඉතින් කාබනිකය යනු ප්‍රබෝධමත් වූ ද්‍රව්‍යයයි. ඒවා කොහෙන්ද
ආවේ.
ඔබ
භෞතිකව පෘථිවියෙන් ආවද, එලෙසයි රසායනිකත්වය ලැබෙන්නේ, සූර්යයාගෙන් එයට ආලෝකයක්
ලැබෙන තෙක් එය සජීවී නොවේ.
ඇත්තවශයෙන්ම
සත්‍ය කථාවක්.
ඇයි
ඔබ මෙහි සිටින්නේ?
ඔවුන්
දැක්කා එය මේ බිමෙන් ලැබුන දෙයක් ලෙස.
ඉතින්
ඔවුන් මේ දේවල් අතර සමබරතාවය හා සුසංයෝගය තබාගැනීමට උත්සාහ කිරීම හොඳ අදහසක් වුනා.
ඔබ
කොහොමද ඒක කරන්නේ?
ස්වභාවදහමත්
සමඟ සමබරතාවයෙන් ජීවත් වීම තමයි ඔබට කළහැකි දේ.
මේ
පුදුම අදහස ඔවුන්ට අවුරුදු දස දහස් ගණනක් ජීවත්
වන්නට උපකාරී වුනා.
කොහොමවුනත්
අවුරුදු 4000 කට විතර කලින් මේ තත්වයේ වෙනසක් වුනා.
ඒ
වෙනස බහූදේවවාදයකට මඟ පෑදූ අතර එමඟින් අපි වඩා අධ්‍යාත්මික ලෝකයක් දෙසට යොමුවුනා.
ඇයි?
මක්නිසාදයත්
මෙය සිදුකලේ බහූදේවවාදීන්ය.
බහූදේවවාදීන්
ඔබතුල තිබූ ආත්මය ඉවතට ගත්තා!
වැහිබින්දු
වල තිබූ ආත්මය ඉන් ඉවතට ගත්තා, ඒ විදියට ඔවුන් විසින් සියල්ලේම තිබූ ආත්මයන්
සියල්ලම ඉවතට අදිනු ලැබුවා.
ඔවුන්
දෙවියන් හැදුවා.
ඒ
දෙවියෝ ද්‍රව්‍ය ලෝකයෙන් වෙන්කරනු ලැබුවා. ඉතින් අපි ද්‍රව්‍ය සහ අධ්‍යාත්මය
වෙන්කරනවා, අපි මේ ආත්ම එකතුවකට දෙවියන් කියා අවධාරණය කරනවා.
මේ
වෙලාවෙදි ඒක වැදගත් මොකද මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සම්බන්ධය නැතිවෙලා තියන නිසා.
මක්නිසාද
යත් ආත්මයන් සියල්ලම ඔවුන්ගෙන් වෙන්කොට තිබෙන අතර අපි ඔක්කොම ආත්මය බලාපොරොත්තු වන
මුත් එය ඇත්තේ අපෙන් ඉවතය.
ඔබ
අසාවි අපි කොහොමද මෙතනට ආවේ? ඒකට බහූදේවවාදීන් කොහොමද උත්තර දෙන්නේ කියලා.
ඔවුන්
පවසූවේ “අප පැමිණියේ ව්‍යාකූලත්වයෙන් කියාය”.
මිනිත්තුවක්
ඉන්න. වෙනත් කෙනෙක් කිව්වා, ඔබ දන්නවා, අප පැමිණියේ පොළෝ මාතාවගෙන් හා අහස්
පියාගෙන්. මේක කොහොමද?
ඒක
නියමයි. මොකද අපි පැමිණියේ ව්‍යාකූලත්වයකින් යනු ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යානුකූලයි
මහා පිපිරුම් වාදය තේරුම් ගැනීමක්.
සියලු
ද්‍රව්‍යයන් පැමිණියේ ශක්ති ව්‍යාකූලත්වයකින් තමයි, පිම්බුනා, පිපිරුණා. ඊට පස්සේ
සියලුම ද්‍රව්‍ය ඇතිවුනා.
ඒ
වුනාට ඔවුන්ට තිබුනා වෙනත් පිළිතුරක්.
නමුත්
එහෙනම් ඇයි අපි මෙහේ ඉන්නේ?
ඒක
කරදරකාරී ප්‍රශ්ණයක්.
අපි
ආවේ ව්‍යාකූලත්වයකින්නම් අපි මෙහෙම ඉන්නේ කියන එකට හරියටම පිළිතුරක් දෙන්න මට
බැහැ. ඒක නිකම්ම කිසියම් ව්‍යාකූලත්වයකින් මෙහෙට ආවා එච්චරයි.
ඔව්.
ඒත් ඒවායෙන් ඔබ කොහොමද හොඳම දේ හදාගන්නේ?
හොඳයි,
බහූදේවවාදයෙත් හොඳ දෙයක් තිබුනා මොකද දෙවියන්ට තමන්ගේ රූපය එක එක විදියට
රූපාන්තරනය කරන්න පුළුවන්.
එයට
අනුව එකපාරටම ඔවුන් මේ ලෝකයට ඇවිත් ජීවත් වෙන්න පුළුවන් වුනා. ඔබ අසලින් දෙවියෙක්
වාඩි ගෙන සිටියා වෙන්න පුළුවන් නිකම්ම පුද්ගලයෙක් හැටියට නමුත් ඔබ දන්නේ නැහැ ඔහු
දෙවියෙක්ද නැද්ද කියලා.
ඉතින්
ඔබේ තේරීම වුනේ කුමක්ද?
හොඳයි,
ඔබ හිතුවොත් ඔබ අසල සිටින හැමෝම දෙවියන්ද දන්නේ නැහැ කියා, ඔබ ඔවුන්ට කිසිම නපුරක් කරන්නෙත් නෑ. මොකද ඒ
ඔබගේ දෙවියන් වියහැකි බැවින්. එහෙම හැමෝම හිතන විට ලෝකය කිසිවකුට කරදරයක් නැති
සතුටින් සියල්ලන්ම සිටින තැනක් වුනා.
අන්න
ඒකයි බහූදේවවාදයේ ස්වභාවය වුනේ.
හරි?
නමුත්
ආයෙමත් ඒක වෙනස් වුනා.
මේ
වතාවේ වෙනස්වීම ආත්ම විෂයේ එහෙම නැත්නම් අධ්‍යාත්මික විෂයේ ගැඹුරට ගියා.
ඒකයි
ඒක දේව වාදය පැමිණීමට හේතුව වුනේ.
එහෙනම්
ඒක දේවවාදයෙන් මොනවද කරන්නේ?
බහූදේව
වාදයෙන්නම් ඔබ ඔබේ ආත්මයෙන් වෙන්කරා.
ඒක
දේවවාදය මොනවද කළේ?
මෙහේ
ඉන්න දෙවිවරු ඔක්කොම ඇත්තටම එකම දෙවිකෙනෙක්. හිතන්න මොකක්ද හේතුව?
ඒ
දෙවියෝ මේ ග්‍රහලොවේ වත් ජීවත් වෙන්නේ නෑ.
ඉතින්
මූලිකවම වුනේ මොකක්ද ආත්මය අපෙන් වෙන්කරලා තිබ්බා විතරක් නෙවෙයි ඒ ආත්මයන් මේ
ලෝකෙනුත් ඉවත් කොට දැමුවා. ඉතින් මොකද වුනේ අපි විශ්වාස පද්ධතියක් මත දැන් ජීවත්
වෙනවා!
ඒකේ
අදාලත්වය වෙන්නේ අපි ජීවිතය ට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වීමයි.
අපි
කොහොමද මෙතැන ඉන්නේ කියන එකට ඒකදේව වාදයේ මොනවද කියන්නේ?
දිව්‍යමය
මැදිහත් වීම. දෙවියන්ය ඔබ මෙහි ගෙනැවිත් තියෙන්නේ. ඒකයි ඔබ දෙවියන් ඔබට වඩා ඉහලින්
තබා තිබෙන්නේ.
දෙවියන්
ඔබගේ මැවුම්කරු බැවින් ඔබ මෙහි ජීවත් වන්නේ සුචරිතයේ හැසිරීමටයි.
ඉතින්
පල්ලියේ ඉගැන්වීමට අනුව පොළව හා භෞතිකත්වය යනු ඔබව ඒ සුචරිත හැසිරීමෙන් ඉවත් කොට
තබන්නක්.
අන්න
ඒකයි ඕපුස් ඩේයි කියන ක්‍රිස්තියානි සංවිධානයට මිනිස්සු කැමති, ඔවුන් ඔවුන්ටම බොහෝ
සෙයින් පහර දෙන්න වුනා.
ඇයි?
මොකද
ඔවුන් ආයේ ජීවිතයට සම්බන්ධ වුනෝතින් එහෙම, ඔවුනුත් පෘථිවිය සමඟ සම්බන්ධ වෙනවා
ඉතින් ඇත්තෙන්ම ඔවුනට වුවමනා වුනා මීට එහායින් තියන නොපෙනෙන දෙයක් සමඟ සම්බන්ධ
වෙන්නට.
ඒක
කොහොමද ඔබ කරන්නේ?
ඔබ
ජීවත්වෙන්න බයිබලයේ ඉගැන්වීම් අනුව.
මේ
දේ තමයි ඔබ දැන් ජීවත්වෙන ලෝකයේ හැඩය තනා තිබෙන්නේ, හැම සංස්කෘතියක්ම සහ
විශ්වාසයක්ම.
ඉතින්
මේක කොහොමද අදාල වෙන්නේ?
පිළිතුර
මෙහෙමයි එන්නේ. මම කියන්නම් ඒ කොහොමද කියලා.
අ)
පිළිතුර ලැබෙන්නේ කාගෙන්ද?
පල්ලියෙන්
නැත්නම් පන්සලෙන්.
අදාලතාවය,
ඔබට ජීවිතය පිළිබඳ කිසියම් සත්‍යයක් වුවමනා නම්, ඔබ කොහාටද යන්නේ?
සත්‍ය
සපයන්නා වෙත!
මොන
එකද?
පල්ලිය
නැත්නම් පන්සල!
ඉතින්
ඒ අනුව තමයි සංස්කෘතිය ආදී සියල්ල හැඩගැසෙන්නේ.
මේක
මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. ක්‍රිස්තියානි පල්ලිය ආශ්‍රිත නිදසුනකින් අපි
මේක පැහැදිලි කර ගන්න බලමු. සිකුරාදා රාත්‍රිය කියලා හිතන්න. අපි සියල්ලන්ටම
කියනවා, මේ ඇහුනද? හැමෝම එන්න අපි යන්නේ පාර්ක් එකට. එහෙදි අපි මායාකාරියක් පුච්චනවා.
මරු වැඩක් වෙන්නයි යන්නේ.
යථාර්තය
වන්නේ කුමක්ද? යථාර්තය ඇත්තටම බලන්න මොකක්ද ඒ කියලා.
ඒ
සංස්කෘතිය අනුව පවුල් පිටින් යනවා මේ මායාකාරිය පුච්චන (මායිනි ඝාතය) වැඩේට.
ඒ
වුනාට ඔබ හිතයි මේක කොච්චර භයානක බිහිසුනු වැඩක්ද කියා.
ඒක
ඔවුන්ගේ සංස්කෘතික විශ්වාසයන් අනුව එහෙම වෙන්නේ නෑ.
ඔවුන්ගේ
සංස්කෘතික විශ්වාසයන් අනුව කියන්නේ මෙයා මායාකාරියක්.
ඔබ
මෙහිදී කරන්නේ සේවාවක්, ඇයව දෙවියන් කරා යැවීමක්.
ඉතින්
මම සිතන්නට ආරාධනා කරන්නේ මේකයි. ලෝකය හැඩගැසී තිබෙන්නේ මේ කියන විශ්වාස
පද්ධතියකින් සහ ඇත්ත සපයන්නන්ගෙන්.
අපිට
අපහු ගිහින් මෙහෙම කියන්න පුළුවන්.
“හේයි!
හැමෝම යමු. අපි යන්නේ ගැහැනියක්ව පුච්චන්න. මොකද ඒකෙන් ඇයට හොඳක් වෙන්නයි යන්නේ.
ඔක්කොම ළමයි අරගෙන අපි යමු. අපිට හොඳ දවසක් එන්නයි යන්නේ”
ඉතින්
මූලිකවම මම කියන්නේ මේකයි. දැන් ඔබ කරන්නේ ප්‍රශ්ණයකට පිළිතුරක් සෙවීම වුනාට මෙහි
පිටුපස ඇති සමස්තය නිර්මාණය කරන ලද්දේ එනම් ඔබ අප ජීවත් වන මේ පෘථිවියේම සමාජීය
හැඩය හෙවත් ජීවත් වන ආකාරය සකස් කරන ලද්දේ ඔවුන් විසින් බවයි.
මේ
සම්බන්ධව වන පල්ලියේ ප්‍රශ්ණය ඉතා තීරණාත්මක වනවා. මක්නිසාද යත් ඔවුන් ප්‍රකාශ කර
තිබෙනවා “අතිශය සාර්ථක වන
දැනුමක්”.
ඔබ
කියාවි මොකක්ද ඒකෙ තේරුම කියා.
හොඳයි.
දැනුම බලය වේ. ඒකයි ඒකේ තේරුම.
මොකක්ද
මේ අතිශය සාර්ථකම වන දැනුම කියන්නේ?
පරම
දැනුම. පරම ඥාණය
කියන්නේ?
ඒකෙන් කියවෙන්නේ කුමක්ද?
කවුරුහරි පෙන්වලා තියනවද ඒකට පරම බලයක් තියන බව?
ඒකයි පල්ලියෙන් ලෙලදෙවලා තියෙන්නේ.
ඒ පරම බලයේ තියන ගැටළුව වන්නේ එය සම්පූර්ණයෙන්ම
දූෂිත වීමයි.
පල්ලිය ඒ පරම බලය මඟින් ඉතා දූෂීත වීමේ ප්‍රතිඵලය
පල්ලිය සමඟින් එහි දායකයින් භේද වීමයි.
මේ මඟින් ඇත්තටම විශ්වාස පද්ධතියේ වෙනස් වීමක්
වුනා.
ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරනයේ ප්‍රතිඵලයක් ලෙස
බොහෝ මිනිසුන් භෞතික දෘෂ්ටියකට හැරුනා.
ඔබ අහයි, මොකද අපි භෞතික වාදී දෘෂ්ටියක් දෙසට
යොමු වුනේ කියලා?
පිළිතුර වෙන්නේ, ප්‍රොතෙස්තන්ත කාරයින් ඇවිදින්
කිව්වා, “බලන්න, දෙවියෝ කියන්නේ ලස්සන මිනිහෙක්, ඔබ හොඳ
දෙයක් ඔබ හොඳක් කළොත් ඔහු ඔබට භෞතික දේවල් ලබාදේවි, හරියට සෙල්ලම් බඩු දෙනවා වගේ.”
ඉතින් දේවල් ලබාගැනීම දෙවියන් එක්ක සහජීවනයෙන්
ඉන්නවා කියන එක පෙන්වීමක්, ඒක ඇත්තටම පල්ලියේ අදහසට එනම් දේවල් ඒ කියන්නේ වස්තු ලැබීම අපව දූෂණය වීමක් යන්න ට ප්‍රතිවිරුද්ධ
අදහසක් වුනා. ඒක පල්ලියේ පැවතුන ඒකදේවවාදයට පහරක් වුනා.
ප්‍රොතෙස්තන්ත සංශෝධන වැඩකිරීමේ සදාචාරය ගෙනආවා, “ඔබ බොහෝ මහන්සි වී වැඩකරනවානම්, දෙවියන් ඔඉට
සහයෝගය ලබාදෙනවා ඇත ඔබට භෞතික සැප උදා කරදෙනවා”
ඉතින් පූර්වනියුක්තියක් තිබුණා නැවත පැමිණ අප
ජීවත් වන ලෝකයේ කොටසක් විදියට ද්‍රව්‍ය සමඟ ගනුදෙනුව කරන්නට.
එය සුසමාදර්ශය වෙනස්කළේ නැහැ මොකද මූලික ප්‍රශ්ණ
වල පිළිතුරු වෙනස් නොවුන බැවින්.
ඒ සියල්ල එලෙසම පවතිනවා.
දේව මැදිහත්වීම.
කර්මේ හැටියට කුශලාකුසල අනුව ජීවත්වෙන්න.
බයිබලේ නීති අනුව, පන්සලේ සිල්පද අනුව ජීවත්
වෙන්න.
කොහොමවුනත් ප්‍රොතෙස්තන්ත සංශෝධන සමඟ පල්ලියේ
දූෂිත දේ හෙළිවෙනවා, අලුත් යමකු සිදුවෙනවා.
ඒ සිදුවූ දේනම් විද්‍යාවේ සොයාගැනීම්ය.
ඊට පෙර සිදුවුනේ කිසිවෙකුටත් පල්ලියේ විශ්වාස
පද්ධතියට එරෙහිව යා නොහැකි වීමයි. එහෙම කවුරුහරි එරෙහිවන්නේනම් ඔහු හෝ ඇය
පවුකාරයකු හැටියටත් ඒ එරෙහි වීම පවක් ලෙසත් දුටුවා. ඉතින් විද්‍යාඥයන්ට හැමදාම
සිදුවුනේ වෙනත් පිළිතුරක් සමඟින් සිටීමටයි.
ඒ
ජීවිතය පිළිබඳ යම් දෙය තුල තිබුනා පල්ලියෙන් වෙනස් වූ යමක්.
ඒ
දේ හොයාගෙන යනවිට විද්‍යාඥයන්ට
සිදුවන්නේ ආගම අතහැර පව ලෙස අර්ථ දැක්වූ දේ සමඟ ජීවත් වීමටයි.
ඇත්තටම ඒ ප්‍රොතෙස්තන්ත සංශෝධන එනතෙක්ම විද්‍යාවට
කිසිම අවස්ථාවක් හිමිවුනේ නැහැ.
ඉතින් පල්ලිය ප්‍රශ්ණ කළ විටයි විද්‍යාව
වෘත්තියක් ලෙසින් නැඟී ආවේ.
ඇත්තටම විද්‍යාව මඟින් බලපෑමක් එල්ල කරන ලද පරිණාමයේ
ඊළඟ අවධිය සඳහා වඩාත් දායක වූ මිනිසා අයිසෙක් නිව්ටන්ය.
ඇයි
ඒ තරම් වැදගත්කමක්?
ඒ
මෙහෙමයි.
මේක
විද්‍යාවට අදාලයි, ඉතින් මට මදක් ඉඩදෙන්න විද්‍යාවේ අදාලත්වය ප්‍රකාශ කරන්න.
විද්‍යාව
හැමවිටම සත්‍ය ලඟා කර ගැනීමටයි උත්සාහ කරන්නේ.
නමුත්
සත්‍ය ලබාදුන්නේ සහ ලබාදෙන්නේ පල්ලියෙන් නැත්නම් පන්සලෙන්, ඒ ගොල්ල තමයි ඒ පිළිබඳ මේ
ශිෂ්ඨාචාරයේ නිල ප්‍රතිපාදකයෝ වෙන්නේ.
ඉතින්
මේ දෙගොල්ල, විද්‍යාව සහ ආගම, අතර එදිරිවාදිකමක් පේන්න තියනවා.
නමුත්
දෙගොල්ල අතර සංහිඳියාවක් තිබුනා.
දැන්
ඇයි සංහිඳියාවක් වැදගත් වන්නේ?
මොකද
ඒ මඟින් තමයි අද ලෝකය හැඩගැහෙන්නේ.
මෙන්න
මේකයි ඒ සංහිඳියාව වුනේ.
දැනුමෙන්
සහ පල්ලියෙන් පාලනය වෙන මේ ලෝකයේ කොහොමද විද්‍යාවට පවතින්න පුළුවන් වෙලා තියෙන්නේ?
මේකයි
පිළිතුර.
ඔවුන්
සම්මුතියකට එළඹ තිබෙනවා.
මොකද්ද
සම්මුතිය.
විද්‍යාව
බාහිර ලෝකය පිළිබඳව සොයනවා. නොපෙනෙන ලෝකය පල්ලියට ඉතිරිකොට තිබෙනවා.
පාරභෞතික
ලෝකය එහෙම නැත්නම් අධ්‍යාත්මික ලෝකය ලෙස.
විද්‍යාව
කියනවා, “බලන්න අපි ඒ දිහාවට යන්නේ නැහැ අපි සත්‍ය සොයාගෙන
යනවා. අපි කරන්නේ අප හදා ගත් විද්‍යාත්මක ක්‍රමයට අදාලව අපිට පරීක්ෂා කොට
නිරීක්ෂණය කොට වාර්තාකළ හැකි දේ පමණයි.”
ඉතින්
මූලිකව ඒ මඟින් කියවෙන්නේ “විද්‍යාවේ පදනම වෙන්නේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය
පමණක් නම් ඒක ඇත්තටම ඔබට දකින්න පුළුවන් දැනෙන්න පුළුවන් හැඟෙන්න පුළුවන් ලෝකය
සීමා කිරීමක්!”
භෞතික
ලෝකය.
ඉතින්
විද්‍යාව කියනවා, “අපි නොපෙනෙන ලෝකය දිහාවට ගමන්කරන්නේවත්
අල්ලන්නේවත් නැහැ. අපි භෞතික ලෝකයට පමණයි ඇලී ඉන්නේ”
මෙන්න
මේ හේතුවත් එක්ක නිවුටන් තමයි ඒ භෞතික ලෝකය පිළීබඳව මහා පිම්මක් පනින්නේ.
අයිසෙක්
නිව්ටන් ගණිතයේ එක් ක්ෂේත්‍රයක් වන අවකලන විෂය නිර්මාණය කරනු ලැබුවා.
එම
ගණිතය යොදාගෙන ග්‍රහ තාරකා ආදී සියල්ලේ චලිතය සිතියම් ගත කරන්නත් සෞරයක් ග්‍රහමණ්ඩලයේ
චලිතයන් වෙනස්වීම් පිළිබඳව නිවැරදි පුරෝකථනයක් කරන්න පුළුවන් වුනා.
“ඉතින්
එච්චරටම ඒකේ තියන වැදගත් කම මොකක්ද? ” කියලද ඔබ
අහන්න යන්නේ?
මේකයි
පිළිතුර.
නිවුටන්
ඒ පිළිබඳ පැහැදිලි කරනතුරුම පල්ලියේ ඉගැන්වීම වුනේ දිව්‍යමය ගෝලයන් දෙවියන් විසින්
පාලනය කරන බවයි.
නමුත්
අයිසෙක් නිව්ටන් විසින් ග්‍රහ ලෝක පිළිබඳ සමීකරණයක් ගොඩනඟන අතර ඊට දෙවියන්ව ඇතුලත්
කළේ නැහැ.
ඒක
නිර්මාණය කළේ ග්‍රහලෝකයන්ගේ භෞතික ගුණාංග මත වෙනස්වන රාශීන් සමඟයි.
ඉතින්
ඔහුට පුළුවන් වුනා දෙවියන්ගේ ආධාරයකින් තොරව ග්‍රහලෝක වල චලිතය පුරෝකථනය කරන්න ඒ
සමීකරණය භාවිත කරන්න.
ඒකේ
අදාලතාවය මොකක්ද?
හැමෝම
නැවතිලා කියන්න පටන් ගත්තා “මේ විශ්වයේ පැවැත්මට දෙවියන් අවශ්‍ය නොවන බවත්
දෙවියන්ගේ අතපෙවීමක් නොමැතිව ලෝකය පවතින බවටත්?”
එය
මැෂිමක් යන්ත්‍රයක්.
ඉතින්
ඒ සංකල්පය තමයි අයිසෙක් නිව්ටන් සමයේ දී ඇතිවුන සංකල්පය වුනේ, ඔහුගේ ඒ සොයාගැනීමත්
සමඟින් එය අවදිවීමක් වුනා ලෝකය දෙස යාන්ත්‍රිකව බැලීම සඳහා.
එය
යාන්ත්‍රිකයි!
අපිට
මේ භෞතික දේවල් දේව කථා නැතුව තේරුම් ගන්න පුළුවන් වේවි සමහරවිට අපිට
සම්පූර්ණයෙන්ම භොතිකත්වය තේරුම් ගන්න හැකිවුව හොත්.
නමුත්
ප්‍රධාන කාරණය නම්,
විද්‍යාව
පැමිණියේ විශ්වය පිළිබඳ අලුතින් තේරුම් ගැනීමත් සමඟය.
එයට
මූලික ආදර්ශයන් අභිබවා යාමට නොහැකිය.
එයට
හේතුව කුමක්ද?
ඒ
සඳහා පිළිතුර,
එය
මුල් ගැටළුවට පිළිතුරක් දීමට නොහැකි වූවා
යන්නයි.
කුමක්ද
මුල් ගැටළුව?
අපි
කොහොමද මෙහි පැමිණියේ?
පල්ලියෙන්
නම් කියන්නේ අපි මෙහි පැමිණියේ උත්පත්ති කථාවට අනුව බවයි. දවස් හයකින් ලෝකේ මැවිලා
හත්වෙනි දවසේ අපි එකපාරටම මෙහෙට ආවා.
ඒකට
අදාලව නම් විද්‍යාවටත් කිසිම පිළිතුරක් නැහැ.
විද්‍යාවටත්
බැරිවුනා ඊට වඩා වෙනස් වූ යමක් ඉදිරිපත් කරන්නට.
ඉතින්
විද්‍යාව කොපමන නව දේ සොයාගත්තද අප ජීවත් වන විශ්වයේ මූලික හරපද්ධතිය පිළිබඳව ඇති
මතය ඉක්මවා යෑමට නොහැකිව තිබෙනවා.
එය
පදනම් වුනේ භෞතික වාදය මතයි.
අපි
මේ කථාකරන ඉගෙන ගන්න විද්‍යාව කියන්නේ භෞතික ලෝකය මතම පදනම්ව ඒ තුලම සැඟව
සිටින්නක්.
ඒකයි
කිව්වේ “අපි භෞතික ලෝකයයි සොයන්නේ, අපි නොපෙනෙන කිසිවක්
සමඟ කිසිම සම්බන්ධයක් නැත” කියා.
අන්න
ඒකයි ආගම හා විද්‍යාව අතර භේදයක්.
ආගම
කියනවා “නෑ අපි අවදානය යොමුකරන්නේ නොපෙනෙන ලෝකය දිහාවටයි”.
විද්‍යාව
කියනවා, “අපි ඒක ගණන් ගන්නේ නැහැ”
ඒ
අස්සේ මේ මනුස්සයා ඇවිල්ලා සියල්ල සමඟ සෙල්ලම් කරලා වෙනස් කළා.
ඉතින්
සිද්ධ වුනේ මොකක්ද?
පල්ලියේ
නාකි වෙච්ච එවුන් ටික වෙන උත්තර හොයන්න පටන් ගත්තා.
කොහොමවුනත්
ඩාවින් ආවා පරිණාමවාදයෙන් මේ ලෝකෙ ජීවීන් ඇතිවුනේ කොහොමද කියලා හොයාගෙන.
ඔහු
මොනවද කිව්වේ?
ඒක
එන්නේ කොහොමද?
ඔහු
කියනවා මෙහෙම, “ඔබ ගන්න මේ බල්ලයි මේ අනිත් බල්ලයි, අපි හිතමු
කෙල්ලයි කොල්ලයි කියලා, ඔයා දෙන්නව එකතු කරොත් ඔන්න, ලස්සන බලු පැටව් ගොඩක්”
ඉතින්
ඔක්කොමන්ලා කියන්න ගත්තා “ආ...ඔව් ඔව් එහෙම තමයි”
කියලා.
මොකද
ඒ දවස්වල රූපවාහිනී නෑ. ගේම් ගහන ඒවා නෑ. එතකොට මොකකින්ද විනෝදාස්වාදය සැපයුනේ?
ඒ
කාලේ මිනිස්සු ශාක බෝ කරා. සත්තු බෝකරා ඇත්තටම ඒක තමා ඒ ගොල්ලන්ගේ විනෝදාංශය වුනේ.
ඉතින්
මිනිස්සුන්ගෙන් බහුතරයකට ශාක හෝ සත්තු බෝකරන එක බොහොම හොඳට පුළුවන් වෙලා තිබුනා.
ඒහේ,
නමුත් ඩාවින් මෙහෙම කියනවා.
“ඔව්,
නමුත් ඔබ බල්ලන් දෙදෙනා එකතු කළොත් ඔවුන් දෙදෙනාටම තිබෙන ගති ලක්ෂණ ඊළඟ පරම්පරාවට
උරුම වෙනවා. එහෙම හැම විටම වෙනස් වෙමින් පැමිණි බලු පැටව් තමයි මේ පේන්න ඉන්නේ.
ඔවුන් බෝවෙමින් යන්නේ හැමවිටම අහඹුවකින්, මේ අහඹුව නිසාම එක් සත්ව විශේෂයක් තවත්
සත්ව විශේෂයක් බවට අවසානයේ දී පත්වෙනවා”
ඔහු
කීවේ මොකක්ද කියනවානම්, “මේ බලාපොරොත්තු නොවූ අහඹු වෙනස්වීම් පුරෝගාමී
වෙනවා අනෙක් සත්ව විශේෂ වලටත්, ඒ විදියට තමයි එක සත්ව විශේෂයකින් තවත් වෙනස්ම
විශේෂයක් හැදෙන්නේ. ”
අපි
ඒ කාලෙට ගියොත් ඒක අහපු මිනිස්සු කියන්න ඇති ”මළ
මඟුලයි ඒක නම් නියමයි.” කියලා.
ඇයි
අපි සත්තු ඇතිකරන්නේත්,ශාක වවන්නේත්? අපි දකිනවා යමක් පෙන්වන අරුම පුදුමත්වය එවිට
සහ දැන්,
එය
මහා ලොකු පියවරක් නෙවෙයි පරිකල්පනයේ කියන්නට තරම්, අපි අරුම පුදුම දේ දිගින් දිගටම
බෝකරගෙන ගියෝතින් ඒක කොහේ හෝ නැතිවෙලා යනවා.
මේ
දේ බොහෝ දෙනෙක් පිළිගන්නවා මොකද වඩා ප්‍රායෝගික බැවින්, දවස් හතේ උත්පත්ති කථාවට
වඩා.
ඉතින්
ඔවුන් කියාවි, “හොඳ අදහසක්! මේක වඩා සත්‍ය බව පේනවා පල්ලියේ
කථාවට වඩා.”
මොකද
ඉතින් වෙන්නේ?
විද්‍යාව
එනකොට මොකද වෙන්නේ
හිතන්න
බලන්න මොකද වෙන්නේ කියලා?
වක්‍රය
අධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වයේ සිට සීමා රේඛාව පසුකර පැමිණියා.
අපි
කියනවා
මේක
වැදගත් ලක්ෂයක්, ඇයි මේක වැදගත් ලක්ෂයක් වන්නේ?
අපි බලන්නයි යන්නේ මේ ලක්ෂය ආයෙමත් පැමිණෙන බව.