11/22/2015

බල්ලා මැරිලා....

මගේ බල්ලා මැරිලා
මම ඌව වත්තේ වැලලුවා
මළ කාපු පරන මැෂින් එක ගාවින්.
 
එක දවසක මට ඌව එහෙදි හමුවේවි
ඒ වුනත් දැන් ඌ උගේ ලෝම කබායත් එක්කම ගිහින්
උගේ නරක පුරුදු සහ සීතල නහය
මම භෞතිකවාදියා, කවදාවත් විශ්වාස කරන්නෑ
පොරොන්දු වෙච්ච ස්වර්ගයක් අහසේ තියනවා කියලා
මිනිසුන් කාට හෝ.
මම විශ්වාස කරන්නේ මම කවදාවත් නොයන ස්වර්ගයක් ගැන.
ඔව් මම විශ්වාස කරනවා සියළු බල්ලන් සදහා වන ස්වර්ගයක් ගැන.
එතැනයි මාගේ බල්ලා මා ඒනතුරු සිටින්නේ.
උගේ ෆෑන් එකක් වගේ තියන වලිගය වනමින් මිතුරු කමට.

අහ්, මම මේ මහපොළවේ තියන දුක ගැන කථා නොකරන්නෙමි
එකට හිටපු එකෙක් නැතිවීම ගැන
ආයේ කවදාවත් පණපිටින් දකින්න බැරි.
ඔහු මා කෙරෙහි දැක්වු මිත්‍රත්වය හරියට ඉත්තෑවෙක්
උගේ අධිකාරිය නොවැලැක්විය හැකි ලෙස දරාසිටීමක් ලෙසයි දැනෙනුයේ,
තාරකාවක මිත්‍රත්වය පසෙකින් තිබුනාක් මෙනි
වැඩි ඇඟෑළුම් කම් තිබුන්නෑ කථාකිරීමට
අතිශෝක්තියක් නැතිවම,
ඔහු කෙදිනකවත් මගේ ඇඳුම පුරා බඩගෑවේ නෑ
මගේ ඇඟ කෙඳිවලින් පුරවමින්
ඔහු කෙඳිනකවත් මගේ දණහිස පහුරු ගෑවෙ නෑ
හරියට අනෙක් බල්ලන් වගේ හිතේ තියෙන ලිංගිකත්වයෙන්

 නෑ, මගේ බල්ලා මා දෙසම බලා හිටියේ නෑ පරීක්ෂාවෙන්
මගේ අවධානය ලබා ගන්න උවමනාවෙන්
මම වගේ නිකම් මිනිහෙක්ව තේරුම් ගන්න
ඒ, ඔහු බල්ලෙක් වුනා, ඔහු නිකම්ම කාලය කා දමමින් වුන්නා,
නමුත් ඒ ඇස් මගේ ඇස්වලටත් වඩා බොහෝ පාරිශුද්ධව තිබුන,
ඔහුට මා දිහා පරීක්ෂාවෙන් බලා ඉන්ට තිබුනා
මටම විතරක් හිමිවුන බැල්මකින්
ඔහුගේ මිහිරි ලොම් පිරුනු ජීවිතේ පුරාවට
හැමතිස්සෙම මා ළඟ උන්නා, කවදාවත්ම කරදරයක් වුනේ නැහැ
කිසිදෙයක් ඉල්ලුවෙත් නැහැ.


ආහ්, කෙතරම් විටක් ඔහුගේ වලිගය මගේ අතෘප්තිකර හැඟීම ඇතිකලාද
අප දෙදෙනා මුහුදු වෙරළේ ඇවිද යනවිට
ඒ තනිවුන ශීතඍතුවේ, Isla Negra වල
ශීතඍතු කුරුල්ලන්ගෙන් මුළු අහසම පිරීඇතිවිට
මගේ ලොම් පිරුන බල්ලා උඩපනිමින්
මුහුදේ චලනයේ වෝල්ටීයතාව උකහාගෙන
මගේ පුදුම බල්ලා ඉව අල්ලමින් යනවා
උගේ රන්මය වලිගය ඉහලට ඔසවාගෙන
මුහුදු සිරිකඩ ට මූනට මූනලා

කුල්මත්ය, කුල්මත්ය, කුල්මත්ය
බල්ලන් පමණයි දන්නේ කොහොමද ප්‍රීතියෙන් ඉන්නේ කියලා
ඒ ස්වාධිපත්‍ය ඇත්තේ උන්ටයි
ඔවුන්ගේ ලැජ්ජා නැති ආත්මයත් එක්ක.

මගේ මැරිච්ච බල්ලට ආයුබෝවන් කිව්වේ නෑ
අපි දැනුත් කවදාවත් එකිනෙකාට බොරු කරගත්තේ නෑ

ඉතින් දැන් ඔහු මා අතැර ගොසින්, මම ඔහුව වැලලුවා
ඉතින් ඒක එච්චරයි......

Translated, from the Spanish, by Alfred Yankauer
Pablo Neruda
සිංහලට, අර්ජුන



3 comments:

  1. මචෝ උඹේ බල්ලාගේ ෆෑන් එකක් වගේ තියන වලිගෙ ෆෑන් තටු කීයක් තියනවද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete